හිස යනු ශරීරයේ ප්‍රධානතම ඉන්ද්‍රියයි....උත්තමාංගය නමින් හදුන්වන්නේද මෙයයි.....හිසට තෙල් ගලවා සම්බාහනය කිරීම ,,ශීර්ෂ තෛල අභ්‍යන්ගයයි..මේ සදහා පිරිසිදු තැඹිලි තෙල්,පොල් තෙල්,ඔලිව් තෙල් හෝ ශාක සාරයන් ගෙන් සාදන ලද ඖෂධිය තෙල්ද යොදා ගනී....මෙම ඖෂධිය තෙල් සත්කාරය ප්‍රශස්ත වේ.
හිසට තෙල් යොදා දිනපතා සම්බාහන ය කිරීමෙන් හිසේ ස්නායු ප්‍රකෘති මත් වෙයි.ඔබ නිතර පෙළෙන්නා වූ හිසරද ,මානසික ආතතිය,නොඉවසීම,කෝපය,හා පීඩාකාරී තත්වය දුරලනවා ඇත....හිස කෙස් තෙල් වලින් පිනා යන අතර හිස්සොරි,හිසකේ කෙස් වැටීම,හා අකලට පැසීම,හිසකේ වියලි බව,,,,ආදිය දුරලයි.මනෝ විකාර,උන්මාද ආදිය දුරලයි.
තවද හිසට අයත් අස්ථීන්ගේ බලය වැඩි වෙයි,හිසට අයත් ඉන්ද්‍රියන් පහන් වේ.හිසට තෙල් දැමිම කල යුත්තේ උදය වරුවෙහිය.ශීර්ශ සම්බාහනය කොට අවම වශයෙන්අ පැය 2ක් වත් හිද ස්නානය කිරීම යහපත්ය,අවුරුදු චාරිත්‍ර වලදී හිස තෙල් ගැලවීම සදහා නැකතක් හා වස්ත්‍ර වර්ණයක් ඇත, එබැවින් හිස තෙල් ගැලවීම කෙතරම් වටින්නේ ද යන්න ඔබට පැහදිලි වේ.
No comments:
Post a Comment