Tuesday, June 28, 2016

ආයුර්වේදය හා රුපලාවන්යප කලාව 3 - මුහුණු සත්කාරය (Herbal Facial ) හා ස්වභාවික ආලේපන














තීතයේ  සිටම මුහුණු සත්කාරය සදහා යොදා ගනු ලැබුවේ ස්වභාවික ද්‍රව්‍යයෝය.

අප මුහුණු සත්කාරය සදහා ස්වභාවික ද්‍රව්‍යයෝ  යොදාගත යුත්තේ ඇයි?

01.ස්වභාවික ද්‍රව්‍යයෝ බොහොමයක්ම විසබීජ නාශක හා රක්තය පිරිසිදු කිරිඉමේ ගුණයෙන් යුක්තය.
.සුදු හදුන් රත් හදුන් ආදිය ගලගෑම සදහා නිවසේ පිරිසිදු ගලක්  තිබිනි.කුරුලෑවක්,බිබිලක් ආවිට හෝ සතෙක් සපා කෑ විට,එය ඉතා ප්‍රයෝජනවත් විය.

02.බොහොමයක් ද්‍රව්‍යයෝ සම පෝෂණය කරයි.
    අලිගැටපේර මදය ඔලිව් තෙල් සමග ගෑමෙන් සමේ කොරල හා වියලි බව දුරුකරයි.
    කඩල පිටි-සමේ සිදුරු මකාලයි.

03.සමේ කැළැල් මකයි
     තුල්සි කොළ ,ආමන්ඩ් තෙල්,තල තෙල්,පොල් කිරි, ,වදකහ.

04,සමෙහි  කුණු දුහුවිලි පිරිසිදු කරයි
        කොත්තමල්ලි,සාදික්කා

05.සම එකනෙහි පැහැපත් කරයි/දීප්තිමත් කරයි
        කුංකුමප්පු,කහ

06.හමේ ප්‍රතිශක්තිය වඩවයි
    ලෙමන්,කොහොඹ,වැල්මැදට

07,සමේ දාහය  දුරලයි
   බාර්ලි,කුබුක්,කොලොන් කොළ,නෙලුම් මල්

08.සිරවූ රෝම කුප  විවෘත කර අනවශ්‍ය මේදමය කොටස් ,දහදිය ඉවත් කරයි
    වෙනිවැල්,නෙල්ලි,සැවැන්දරා

09.සම වසස්ගත වීම වළකා තරුණ බව ලබාදේ
    රෝස වතුර,දොඩම්

10.සමේ ගැඹුරින්  ක්‍රියාකර අපද්‍රව්‍ය බැහැරට පමුණුවයි.
      මැටි




මෙම ස්වභාවික ද්‍රව්‍යයෝ යොදා මුහුණු සත්කාරය කිරීමේදී අප පියවර  6ක් අනුගමනය කරයි.මේ සදහා පැය 2.5-3ක පමණ වෙලාවක් ගත වේ.

මෙහිදී  ප්‍රථමයෙන් සම පරිසිදු කිරීමට පිරිසිදු කාරක යෝගයෝ භාවිතා කරයි,(1.Cleancing),එය විනාඩි 10 පමණ මුහුණේ රදවා තබා ගනි,හොදින් පිරිසිදු වූ සමට උද්වර්තනය(Scrubbing) සදහා උද්වර්තන යෝගයෝ භාවිතා කරයි,මේ පියවර  විනාඩි 15 පමණ වේ.එය ඉවත්කර සම්බාහන තෙලක්(3.Herbal oil   ) බාවිතයෙන් මුහුණ සම්බාහනය කොට ස්වේද (4.Steam)කිරිමක් සිදු කරයි .
එම පියවර සදහා විනාඩි 20 පමණ ගත වේ.







ඉන්පසු මුහුණේ රැදී තෙල් කොටස උණුවතුරෙන් සෝදා  සම පෝෂණය කරන ද්‍රව්‍ය ආලේප(5.Pack) කරයි,එම ද්‍රව්‍ය  විනාඩි 20 පමණ කාලයක් තබා සෝදා හැර තෙතමන කාරකයක් (6. Moisturiser)ආලේප කරයි.රෝස වතුර ආලේපයෙන් පසු මුහුණු සත්කාරය අවසන් වේ.










මෙම ස්වභාවික ද්‍රව්‍යයෝ ආසාත්මිකතා ඇති නොකරයි. ප්‍රතිකාරය ලබන්නා හට මනසේ ප්‍රීතිය හා නින්ද ඇති කරයි.බ්ලීචින් වැනි සම දවාලන ද්‍රව්‍ය වලින් තොර බැවින්  ටික කාලෙකින් මුහුණ කළු වීමක් සිදු නොවේ. Hydrocarbon සංයෝග  හා කනිජ තෙල් අඩංගු  නොවන බැවින් පිළිකා අවදානමක් නැත.
බොහෝ දෙනා සිතනුයේ අප හමට ගලවන ආලේප බාහිරට පමණක් සිමා වන බවය.නමුත් ඒවා රුධිරය ට එකතුවේ.සාමාන්‍ය තෙල් වර්ගයක් රුධිරයට එකතු වීමට ගතවන්නේ තත්පර 160 කි.රුධිරය මගින් ශරීරය පුරා සංසරණය වේ,කෘතීම හිසකේ කළු කරන ද්‍රව්‍ය(diy) බාවිතයෙන් ඇස් පෙනීම දුර්වල වනුයේ එබැවිනි.
                
දෑස  පෙනී පෙනී කරුවලේ යා යුතු නොවේ,එනම් කෘතීම  ද්‍රව්‍ය භාවිතයෙන් සම /මුහුණ  පැහැපත් කරගැනිම
අතහැර,ස්වභාවික ද්‍රව්‍ය භාවිතා කොට මුහුණ /සම පිරිසිදුව හා කාන්තිමත් ව තබා  ගැනීමට උත්සහ 
 කරන්න.සොබාදහමට ලංවූ තැන  ආයු,වර්ණ ,සැප ,බල ලැබේ.


ආයුර්වේදය හා රුපලාවන්‍ය කලාව ලිපි පෙළ නිම වුවත් ඉදිරියේදී ඔබගේ රු සපුව වනසා ලන හමේ රෝග හා ඒවායෙන් වැළකෙන අයුරු /ප්‍රතිකාර පිළිබද ලිපි පෙලකින් නැවත ඔබ හා  සම්බන්ධ වෙමි. 






No comments:

Post a Comment