ශරීර සුවතාව හා නැවුම් වාතය බිදක් ලබාගනු පිණිස උදය වරුවේ මම උද්‍යානයේ අවිදීම ට ගියෙමි... බොහෝ වයසක උදවිය උද්‍යානයේ නොයෙකුත් ශාරීරික ව්‍යායාම වල යෙදී සිටි,,, ඒ අතර මට හුරු පුරුදු මුහුණක් පෙනිණි.ඒ අපගේ අසල්වාසී අකරවිට මහතාය.හෙතෙම මා දැක ,කතා කළේය.ඔහුගේ පළමු බයි පාස් ශල්‍ය ක්ර්මයෙන් පසු මෙසේ දිනපතා උද්‍යානයට පැමිණ ව්‍යායාමයේ යෙදෙන බව මට පැවසුවේය.බොහෝ දෙනා ව්‍යායාම පිළිබද සිතන්නේ හෘද රෝගයක් වැළදුන පසුවය.එවිට ප්‍රමාද වැඩිය.රෝගයක් වැළදීමට ප්‍රථම ඉන් වැළකිය යුතුය.අකරවිට මහතා කෙරේ මට අනුකම්පාවක් සිතිනි .ඔහුට නැවත බයි පාස් ශල්‍ය කර්මයකට නොයන අයුරින් දිවි පෙවෙත හැඩගස්වා ගන්නා ආකාරය පැහැදිලි කොට දුනිමි.ඔබටත් ඒ උපදෙස් බිදක් මෙහි සදහන් කිරිමට ඉටා ගත්තෙමි..
හෘද රෝග වලක්වා ගැනීම සදහා,,,,,,,
1.අහාර පාලනය:: නිවුඩු සහිත සහලින් පිසූ බත් සහ කොළ පාට,පලාකොළ මැල්ලුම් සහිතව එළවලු,,බහුල අහාර ලුණු අඩුවෙන් අනුභවය..
2.සීතලට මිදෙන තෙල් වර්ග(පොල්තෙල් ,එළගිතෙල්) ආදිය..සත්ව තෙල් (බටර්,චීස්,,යෝගට්,මීකිරි ආදියත් ) අත් හැරීමද ,,,,පොල් කිරි අඩුවෙන් බාවිතය්ත් (පහු කිර) පුරුදු වීම.
3.බිත්තර සුදු මදය ,හම ඉවත් කරන ලද තෙල් රහිත කුකුළු මස්,කරදිය,මිරිදිය මාළු සාමාන්‍ය වැ බාවිතයෙන් මාංස අවශ්‍ය තාව සපුරා ගැනීම...(දැල්ලන්,,,ඉස්සන් ,කකුළුවන් වැඩිපුර ආහාරය අහිතකරය)
4.මුන් ඇට,කඩල,කවුපි,කුරක්කන්,දඹල,සොයා බෝංචි,මෑ කරල් ආදී ධාන්‍ය අනුභවය.
5.තෙල් අවශ්‍ය තාව සදහා ,,, තල තෙල්,කෝන් තෙල්,සුරිය කාන්ත තෙල් බාවිතය
6.පලතුරු බහුලව ආහාරයට එක කරගැනීම,ගස් ලබු අති විශේෂය,,ඉදුණු ගස් ලබු මෙන්ම කිරි සහිතව උයා ව්‍යංජන සහිතව අනුභවයෙන්,ලේ කැටි සැදීම වැලකි,ඇපල් දොඩම්,මිදී,දෙළුම්,පේර,අඹරැල්ලා,ජම්බු,රට ඉදි ආදිය හොද පලතුරුය.
7.මධු මෙහයට අවකාශ නොතබා පිෂ්ට දාතු ආහාර ,සීනි,,,පැනි,හකුරු ,,,පැණි රස දෑ අනුහවය ඉතාමත් අඩුවෙන් කල යුතුය.
8.සුරුට්ටු,සිගරට් ,බිඩි,පයිප්ප ආදී වශයෙන් දුම්පානය සහ දුම්කොළ බාවිතය අත් හැරීම කල යුතුය.සෑම ආකාරයකම මාද්යසාරය අත්හල යුතුය.
9.දෛනික සෞක්‍ය නියමයන් තරයේම පිළිපැදිය යුතුය.පාන්දරින් අවදි වීම,,ස්නානය,,,විශේසයෙන්,දත් ,මුකය පිරිසිදු කිරීම,දිරාපත් දත් ඉවත් කිරීම,හා විදුරු මස් නරක් වී තිබේ නම්,ඒ සදහා ප්‍රතිකාර ගත යුතුය.
10.සුදුලුනු,ලොකු ළුණු,ලීක්ස්,ආදී සුදුළුනු පවුලේ උද්භිද බහුලව ආහාරයට,එකතු කරගත,යුතුය.ලුනු වර්ග හැකි තාක් අමුවෙන් ආහාරයට් ගන්න.
11.තම තමන්ගේ ශක්තියට ප්‍රමානවත් අයුරින් ව්‍යායාම කල යුතුය.පයින් ගමන් කිරීම හොදය.අධික වෙහස නොදැනෙන ,සුර්ය නමස්කාරය,ප්රාණයාමය වැනි යෝගාසනයක යෙදීම වඩාත් යහපත්ය...
12.ආගමික සත් කර්තව්‍යන්හි යෙදීම,ගාථා කියමින වන්දනා කිරීම, භාවනාවක යෙදීම,ආදියෙන් මානසික සුවය ලබාගත යුතුය.චිත්ත විවේකය ආරක්ෂා කරගත යුතුය,සැහැල්ලුවෙන් ,සතුටින් ජීවිතය ගත කල යුතුය...
No comments:
Post a Comment