Thursday, June 30, 2016

ඔසු ගුණ වරුණ 01 - ඉන්නල/රටල


LAMIACEAE කුලයට අයත් Plectranthus rotundifolius යන ඉන්නල ශාකයේ උත්පත්තිය නිවර්තන අප්‍රිකාවේ ය.බටහිර අප්‍රිකාව,ඉන්දියාව,මලයාසියාව,ඉන්දුනීසියාව ,ලංකාව වැනි රටවල වගා කෙරේ.ඉන්නල ඖෂධයක් වශයෙන් යෙදීම විරල උවත් ඖෂධිය ගුණයෙන් පිරිපුන්ය.
ලංකාවේ සෑම පළාතකම පාහේ හොදින් වැවෙනා ශාකයකි..ඉනි වල සිටුවන නිසා ඉනි-අල ,ඉන්නල වූ බව සමහරු කියති ,වරෙක ඉහල නගින්නා වූ හෝ බිම දිගේ වැතිරෙන පැලාටියකි.තද දුඹුරු පැහැ කුඩා අලය,දන්ඩ වටා අල බසී.
දම් පැහැ මල් පිපේ,,හැඩයෙන් කොලියාස් පැල වලට සමාන කමක් දක්වයි...




සිංහල:හිනි අල ,ඉනිඅල,ඉන්නල,රටල
ඉංග්‍රීසි; Chinese photatos.
දෙමළ:සිරුකිලංකු
අර්ශස්,සර්ප විෂට,,පණු රෝග සදහාද ගුණ දායකය,භග්න සදහා ප්‍රතිකාර කිරීමේදී ආහාරයක් වශයෙන් ඉන්නල යොදා ගැනේ.දියවැඩියාවටද ගුණදායකය.






     ප්‍රෝටීන්,මේදය,කාබෝහයඩ්රේට්,කැල්සියම්,පොස්පරස්,යකඩ,විටමින් A,විටමින් B ,විටමින් C ආදී බොහෝ ගුණ යන්ගෙන් යුක්ත වේ,,,දැන් ඉහල මිලකට විකිනෙන අල වර්ගයක් බැවින්,අප ගෙවත්තට නොපමාව එකතු කරගත යුතු අල වර්ගයක් වර්ගයක් ලෙස ඉන්නල හැදින් විය හැක.








           



No comments:

Post a Comment