Tuesday, June 28, 2016

ආයුර්වේදය හා රුපලාවන්‍ය කලාව 2..-- සම සුරැකීම හා සොබාදහම





අතීතයේ සිට යහපත්  අහාර කලාවකින්  පරිපූර්ණ වූ ප්‍රෞඩ ජාතියකට  හිමිකම් කියන අප , වර්තමානයේ  කාර්යබහුල  දිනචර්යාව නිසා , ආහාර රටාව ,අවුල් කොට ගෙන ඇත. අප පරිභෝජනයට ගන්නා අහාර  නැවුම් ,පිරිසිදු ,වස විස වලින් තොර  ඒවා විය යුතුය.බර අහාර නිතර නොගත යුතුය, කිරි- මාළු  වැනි විරුද්ධ  ආහාර  නොගත යුතුය. අප ගන්නා ආහාර සමට එක එල්ලේ බලපායි..ආසාත්මිකතාවකදී සමෙහි පලු මතු  වී එන්නේ  එබැවිනි.

සම  අභ්‍යන්තරව පෝෂණය සදහා  කොළ කැද පානය ප්‍රශස්තය,මේ සදහා ලුනුවිල,ගොටුකොල,මුගුණුවැන්න,හාතවාරිය,ඉරමුසු ඉතා   යහපත්ය,තේ  කොපි  වැනි උත්තේජක පාන වෙනුවට බෙලිමල්,රණවරා ,පොල්පලා,ගන්සුරිය දළු තේ ,වද මල් වැනි  ඔසු පැන් පානයට හුරු වීම සම ලස්සන කරගැනීමට සිතන සියලු දෙනාටම වැදගත්ය..

පුරාතන මිනිසා උදෑසන අවදි වූ විට බසින්නේ උදුපියලිය ගොල්ලටය ,,,එය ශරීරයට සිසිලසක් ගෙන දේ.අද අපට වෙරළක ,ගුරු පාරක ,හරිත නිල්ලක අවිදීමට වෙලාවක් නොමැත.
මිනිසාගේ ශරීරයෙන් නිරන්තරයෙන් විෂ පිටකරයි,පාද මගින් එය වැඩි පුර සිදුවේ.පැරැන්නන් ඒ බැව් දැන සිටියෝය.ඔවුන් ගෙවල් බැන්දේ මැටියෙනි.බිමට ගොම  මැටි  ගෑවෝය,අපගේ පාද  මගින් විස කරන විස ගෙබිම උරාගනී,අප දැන් සිටිනුයේ පැය 24ම සෙරෙප්පු හෝ සපත්තු ලාගෙනය..විස පිටවන්නේ නැත.එය ශ්රීර අභ්යනතරයට නැවත පිවිස  නොයෙකුත්  රෝග උපදාවාලයි.(උදා:වාතරක්ත). අද අප ෂිට් ආදියෙන් නිවාස සෙවලි කරන විට ඔවුන් පොල් අතු  යොදා ගත්තෝය.පොල්  කොළ  පුළුස්සා දුම් පාන විට  හමේ ඇති වූ ආසාත්මික තාවෝ  ඉක්මනින් පහව යයි.මේ සදහා අමු පොල් කොළ ප්‍රශස්තය.

පාදයේ සම ගන වූ විට ද විස පිට වීම  අවම වේ.එබැවින් පාද දාහය ,පැලිම ඇතිවේ. ගැමියන්,නාන තොටුපල වල ,ලිද ලග ගල් වල යටිපතුල අතුල්ලා හොදින් සේදුහ,යටිපතුලේ සම සිනිදු වනවා පමණක් නොව එහි නිල තෙරපී, හොද නින්දක් හා ප්‍රබෝධමත් ගතියක් ලබා දේ.

අද අපි ඉදහිට ගන්නා හර්බල් බාත් ,ඔවුන් නිරන්තරයෙන් ලබා ගත්තෝය.සෙමට නික ,පාවට්ටා,කොහොබ තම්බා ස්නානය කොට කුරුම්බා ගෙඩියක් හකුරු කෑල්ලක් සමග පානය කළහ, සතියකට දවසක් වත් ,ගන්සුරිය,රත්මල් ,වෙනිවැල් ආදී වූ ස්වබාවික ද්‍රව්‍ය තම්බා සම පැහැපත් කරගනු වස් ස්නානය කිරීම යහපත්ය. 

මනසේ  සැහැල්ලුව ,,ප්‍රමාණවත් නින්ද  සමේ නිරන්තර අලුත්වැඩියා කටයුතු සදහා අත්‍යවශ්‍යය.සොරෛසිස්  වැනි සමේ රෝග වලට පාර කියනුයේ මෙම මානසික සහනය නොමැති බවයි,,කටෝර ශබ්ද ,,සංගීත තරංග මනස එකම අවුල් ජාලයක් බවට පත් කරයි,,පුරාතන ජන කවිය,ශාන්ති කර්ම,බෙර ශබ්ද  වලින් නිකුත් වනුයේ  අපගේ  සිත සැහැල්ලු කරවන තරංග යෝය.

ස්නානය හා සම  අතර සබදතාව ඉතා වෑදගත්ය,පිහිල්ලකින් ගලන සිසිල් ජලය හිසේ නිලස්තාන උත්තේජනය කරයි,හිස්සොරි ,හිසේ ගෙඩි හට නොගනී,අකලට හිසකේ  වැටීම ,පැසිම සිදු නොවේ.ගන්දියේ ගිලි නෑම, කරදිය ජලය ස්නානය  හමේ ප්‍රතිශක්තිය වඩවයි..කුබුක්  ශාක වල පොතු උරච්චි කර ඇග උලා  නෑමෙන් ශරීරයෙ අධික දැවිල්ල නවති.නාමල්,නෙලුම් රේණු,අශෝක මල් ඇග ගෑමෙන් සම සුගන්ධ වත් වේ.
ශරීර්ය බාහිරින් පිරිසිදුව තබා ගන්නා ක් මෙන් මල මුත්‍ර  විරෙච්නය, මගින් ශරීර අභ්‍යන්තර පිරිසිදු කම ද රැක ගත යුතුය.

මල ,මුත්‍ර  වේග  පැමිණි විට ඒවා රදවා තබා ගැනීම  අයහපත්ය. එය සමේ රෝග හට ගැනීමට හේතු වේ.
යහපත් අහාර ,විහරණ පුරුදු  පවත්වා ගෙන  යන්නන් ගේ සම නීරෝගිය,කැළැල්  වලින් තොරය . ඉන්නන් ,කුරුලෑ,දද,අළුහම්  ආදී  හමේ රෝග  හට  නොගනී.

සැබෑ පැහැපත් බව යනු එයයි ......................................................................................................................................!!




No comments:

Post a Comment