ලෝකයේ
බොහෝ රටවල් පිරිසිදු ජල හිගයකින් පෙලෙන අතර ,අපේ රටේ වැසියන්ට නම් පානීය ජලයෙන් හිගයක්
නොමැත.
පුරාතන විසු රජ දරුවෝ දුර දක්නා නුවනින් යුතුව වැව්,පොකුණු තැනුව්වෝය.ඒ වා සුරැකීමට වාරි තාක්ෂණය උපයෝගී
කොට ගත්හ.
කුබුක් ගස් සෙවනේ ළිං,පොකුණු තැනවූ වැසියෝ කුබුක් ගස හා ජලය අතර ඇති සම්බන්ධතාව ප්‍රායෝගිකව
අත් වින්දහ.දවසම මහන්සි වී කුබුරේ,හේනේ වැඩ කල ගොවියාගේ පිපාසය නිවුවේ මේ කුබුකේ
ලිදේ වතුරයි,සරතැස නිවුයේ සිසිල් වූ නිල්
කැට බදු ජලධාරාවන්ය.කුබුක් ශාකය යනු සියක්
ආයු ලැබූ පරන්නනේගේ ආයුෂ යේ එක් රහසකි..
මදක් කසට
මිහිරි රස ,අතිශයින් සැහැල්ලු,රළු නොවූ,පැහැදිලි,ගන්ධයක් රහිත ජලය ,පිරිසිදු ජලය
ලෙස අර්ථකතන වේ.
මෙසේ පිරිසිදු ජලය පානය හා
ස්නානය කල පැරැන්නන් මල බද්ධයෙන් තොර
වුහ,ශරීර ශක්තිය හා බුද්ධි ප්‍රභෝදයකින් යුතු නිරෝගී ,,,සියක් ආයු
ලැබූ යෝධ පුරුෂයෝ වුහ.
කුබුකේ ලිදේ වතුර නා ගත් ගැමියන්ගේ සම හොදින්
පිරිසිදු වූ හ.......,උෂ්ණ බාවය පහකොට ලැබෙන සිසිලස හමේ රෝග වලින් ඔවුන් ආරක්ෂා කළහ..
කුබුක් දළු,මල් පොඩි කර හිසේ
උලා ස්නානය කල අතර හිස්සොරි නම් රෝගය ඔවුන්ට නොවැලදුනේය.
මැටි යනු විස උරා ජලය පිරිසිදු කරන
ද්‍රව්‍යයකි.බැහැරක් යන විට ලබු කැටයේ ජලය බහා
ගෙන ගියේය.අද අපි මේ
සියල්ල සදහා
විවිධ පාටින් යුතු ප්ලාස්ටික් උපකරණ භාවිතා කරමු.
තැම්පත් ජලයට වඩා ගලා ගෙන යන ජලයද,මතුපිට ජලයට
වඩා පොලව තුල ජලයද,නොගබුරු ළිං වලට වඩා.නල ලින් වල ජලයද ,,සුර්යා ලෝකය හොදින් වැටෙනා ජලයද පිරිසිදුය.
ලිද පිරිසිදු කිරීමට අගුරු ,ගඩොල් බාවිතා කළේය.
ලිද පිරිසිදු කිරීමට අගුරු ,ගඩොල් බාවිතා කළේය.
ගම ගෙදරක කුස්සියේ නිතරම ලිප උඩ උණුවතුර කේතලයක්
තිබිණි..එබැවින් කොලරාව,පාචනය,අතිසාරය,සෙංගමාලය වැනි අපිරිසිදු ජලය මගින් බෝවන
රෝගාබාධ වලින් සුරැකුනේය.
වැවකින් ජලය කලයකට එක් රැස් කරගත් විට ගැමි ලිය එම ජලයේ මඩ ඉවත්කර ගැනීමට ඉගිණි ඇට
ස්වල්පයක් ගලගා එකතු කරන්නට අමතක නොකළේය.මුත්‍රා රෝග නිවාරණයට ඉන් මහත් පිටුවහලක් ලැබිණ.
කලෝරීන් ආදී පිරිසිදු කාරක මගින් ජලය පිරිසිදු කරගැනීමේදී ජලයට ඖෂධීය භාවයක් නොලැබේ.සුවිශේෂී ශාකමය ද්‍රව්‍ය භාවිතයෙන් ජලය පිරිසිදු කල හැකි බව ගැමියන් දැන සිටියෝය.මෙම ශාක ද්‍රව්‍ය ඔවුන් සොයාගත්තේ ගෙවත්තෙනි.ඔවුන් භාවිතා කල එම ද්‍රව්‍ය හා ඒවායේ ගුණ පහත දැක්වේ.
ශරීරයට
හිතකර මෙම ජල පිරිසිදු කරගැනීමේ උපක්‍රම ඔබත් අත් හදා
බලන්න...............................!!!
No comments:
Post a Comment