Wednesday, July 6, 2016

දැනුවත් වී ප්‍රතිකාර ගනිමු 03 - අර්ශස් රෝගය ලැජ්ජා විය යුතු රෝගයක්ද??








අද සමාජයේ ඉතා සුලබ එහෙත් බොහෝ අය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට අකමැති,විටක තම ජීවිතය නසාගැනීමට තරම් වේදනා ගෙන රෝගයකි.ජන වහරේ මුලග්ගින්න,මුලග්ගාය නමින් හැදින්වෙන්නේද මෙම රෝගයයි.
රෝගියා කෙරෙහි කායික බලපෑමක් මෙන්ම මානසික බලපෑමක්ද ඇති කරන බැවින් කේන්ති යාම ,සියදිවි නසා ගැනිමට උත්සහ කිරීම වැනි ලක්ෂණද දක්නට ලැබේ.
මෙය මහා රෝග අටෙන් එකකි..වාතාදී දෝෂයන් සම මස, මේදස් දුෂණය කොට ගුදමාර්ගය ආශ්රිැතව (ගුද වලි 3හි) මාංස,අංකුර ඇතිකිරීම මගින් අර්ශස් ඇතිවේ. ගර්භණි මව්වරුන්ටද ගර්භය වැඩීමේදී ශිරාවන්(Large veins)තදවීම නිසා අර්ශස් සෑදේ.


අර්ශස් හදුනාගැනීමේ ලක්ෂණ
1.මළබද්ධය.
2.ගුද මාර්ගයේ වේදනාව හා කැසීම.
3.වේදනාව සහ දැවිල්ල.
4.අර්ශස් අංකුර හෝ ගෙඩි පැවතීම.
5.මළපහ කරන විට රුධිරය පිටවීම.
6.කේන්ති යාම හා නොසන්සුන්බව.
අර්ශස් ප්‍රභේද
1.වාතජ අර්ශස්
2.කඵජ අර්ශස්
3.පිත්තජ අර්ශස්
4.ත්රිතදෝෂජ අර්ශස්
5.රක්තජ අර්ශස්
6.සහජ අර්ශස්



මෙම පබටහිර මතය අනුව,
1.External Hemorrhoids (ගුද මාර්ගයේ බාහිරින්පවතී.වේදනාව වැඩි විශාලත්වයෙන් වැඩි රුධිර වහනය අඩු අර්ශස් අංකුර)
2. Internal Hemorrhoids (ගුද මාර්ගයේ අභ්‍යන්තරයේ පවතී.වේදනාව අඩු විශාලත්වයෙන් කුඩා රුධිර වහනය වැඩි අර්ශස් අංකුර)






උපද්රtව
අර්ශස් රෝගය ලැජ්ජාව නිසා සගවාගෙන සිටීම නිසා හෝප්රතතිකාර නොගෙන කල්ගතවනවිට ,
1.කුඩා අර්ශස් අංකුර විශාලත්වයෙන් වැඩිවේ.
2.කාලයක් රුධිර වහනය විම නිසා පාණ්ඩුව(රක්තහීනතාවය) ඇතිවේ
3.ශරීරය කෙට්ටු වීම හා දුර්වල වීම
4.භගන්දර.පරිකර්තිකා වැනි වෙනත් ගුද රෝග ඇති වීම,සිදු විය හැක.

ප්‍රතිකාර
අර්ශස් ප්‍රභේදය ,පැවතිකාලය ,සාධ්යාසාධ්‍යතාවය අනුව ප්‍රතිකාරය වෙනස් වේ. වස්ති.විරේක ,රක්ත ශෝධන ප්‍රතිකාර හා ත්‍රිදෝෂ ශමන ඖෂධ මගින් අර්ශස් සුව කල හැකිය.කසාය ආදී ඖෂධ ප්රනතිකාර මගින් සුව නොවෙන අර්ශස් සදහා ශල්‍ය
 ,ක්ෂාර (භාෂ්මික ද්‍රව්‍ය), අග්නි (පිළිස්සුම මගින්) ප්‍රතිකාර අවශ්‍යය..ආයුර්වේදයේ සුරණකන්ද හෙවත් කිඩාරම් අල සුවෙශේෂී ඖෂධයක් ලෙස දක්වා ඇත.දේශීය චිකිත්සාවේදී කොහිල කැද ,කසාය ලෙස යොදාගනී.එනම් අර්ශස් චිකිත්සාව සදහා තන්තු බහුල ද්‍රව්‍යය, සුදුසුය.

අර්ශස් වළක්වාගැනිම
අර්ශස් වළක්වා ගැනීමේදී අහාර ,විහරණ පාලනය අත්‍යවශ්‍ය වේ. මත්පැන් හා දුම්වැටි වලින් වැළකීම,බලමාළු,අන්නාසි,තාක්කාලි,දෙල් ආදී උෂ්ණ අහාර සිමා කිරීම.කඩල,කවුපි,වැනි රුක්ෂ අහාර සිමා කිරීම
කෘතීම අහාර සහ කෙටි කෑම වලින් වැළකිම,බොහෝ වෙලා ඉදගෙන සිටීම හෝ සිටගෙන සුදුසු නැත.වාඩි වීමේදී තද ආසන භාවිතා නොකිරිම, මළ වේගය දරාගෙන සිටිම හා මළපහ කිරීමේදී තැටමිම සුදුසු නැත.
ව්යාදයාම කිරීම.වැඩිපුර ජලය පානය කිරීම,කොළ කැද පානය ,විශේෂයෙන් කොහිල ආදී තන්තු බහුල අහාර හා පලාවර්ග ගැනීම,කොමඩු ,ගස්ලබු,කෙසෙල් වැනි පලතුරු දිනපතා අහාරයට ගැනීම,කල යුතුය.













         සැකසුම:  ආයුර්වේද වෛද්‍ය චාමර ජයවර්ණ (BAMS-Colombo)

No comments:

Post a Comment