අප ජිවත් වන ලෝකයේ ජීවී අජීවී සමස්ථයටම සෘතු විපර්යාසය බලපායි. සෘතු චර්යාව යනු එක්
එක් සෘතුනට අනුව ජිවන චර්යාව සකසා ගැනීම වේ.අපරදිගයෝ සෘතු 4ක් අනුගමනය කරති.එනම්
වසන්ත(Spring),ග්‍රීෂ්ම(Summer), ශරත්(Autumn),ශීත(winter) කාලයන්ය.
පෙරදිගයන්ට අනුව අවුරුද්දට සෘතු 6කි.
1.වසන්ත = බක් /වෙසක්
2.ග්‍රීෂ්ම
= පොසොන්/ඇසළ
3.වර්ෂා = නිකිණි/බිනර
4.සරත් = වප්/ඉල්
5.හේමන්ත = උදුවප්/දුරුතු
6.ශිශිර = නවම්/මැදින්
මිනිසා ගන්නා වූ අහාර පාන ආදිය හේතුවෙන් මිනිසාගේ
ආයුෂ ,බල,වර්ණය ,ආදිය වර්ධනය වේ. වර්ෂා හා
ග්‍රීෂ්ම කාලය ශාරීරික හා මානසික වශයෙන් මිනිසුන් දුර්වල කෙරේ. සරත් ,වසන්ත කාලයේ මධ්‍යම බලයක්ද , හේමන්ත /ශිශිරයේ වඩාත්
වැඩි බලයක්ද පවතී.
1.වසන්ත කාලය
පිපුන
මලින් හා පලතුරෙන් අවකාශය පිරීයන කාලයයි.අප රටේ නම් අටු කොටු සහලින් බරවන
සමයයි.රට වැසියන්ගේ සිත් ප්‍රබෝධමත් වන
කාලයයි.උද්‍යාන වල සැරිසැරිම හා විනෝද ගමන් සදහා උචිත වූ කාලය මෙයයි.
හේමන්තයේ
රැස්වූ සෙම කෝප වී සිරුරේ රෝග
උපදවාලන බැවින්,ධූම පානය(ඖෂධීය),අදුන් ගෑම,උණු දිය භාවිතය,සුදුසුය.දහවල නිදීම
සුදුසු නැත.
මේ කාලයේ පැපොල,සරම්ප ,පිඩකා සහිත වසන්ත රෝග හට
ගනී.එම නිසා බෝවන රෝග වලින් මිදීමට ,සනීපාරක්ෂක ක්‍රම අනුගමනය කල යුතුය.
අල්ප මද්‍යසාර භාවිතය හා ඉගුරු
තම්බා ගත් ජලය පානය යෝග්‍යය.
ව්‍යායාම හා ජල ක්‍රීඩා සදහා සුදුසු කාලය මෙයයි.අගිල් ,කපුරු ,සදුන් ආලේප කර ස්නානය සුදුසුයි.කැවිලි වර්ග,ඇබුල් ආහාර,පැණි රස අහාර ගැනීම යහපත්.
2.ග්‍රීෂ්ම කාලය
මේ කාලයේදී සුර්ය කිරණ කෙලින්ම පොලවට පතිත වෙන
කාලයකි.පරිසරයේ වියලි ස්වභාවයක් දක්නට ලැබේ.සෙම
වියලී ,වා පිත් කෝප වේ.
එබැවින් මත්පැන් පානය,ව්‍යායාම,කුළුබඩු යෙදු ආහාර, අච්චාරු වැනි අම්ල අහාර,කරවල වැනි ලවණ අහාර
ගැනීම සුදුසු නොවේ.
සිනි සහිත මීකිරි ,කොමඩු වැනි පලතුරු ආහාර
මිහිරි දියාරු සිනිදු ආහාරයෝ ඉතා
යහපත්ය.
ළිං ජලය ස්නානය හා කුබුක් ගස්
ආශ්රිත සිසිල් ජලයේ සිරුරේ උණුසුම පහවන තුරු ගිලි නෑම යහපත් වේ.
මත්පැන්,ව්‍යායාම,දහවල නිදීම,උෂ්ණාධික නිවෙස්
වල
විසීම අයහපත්ය. වියලි දුවිල්ල වැඩි හෙයින් දහවල නිවෙස් වල වා කවුළු වසා රාත්‍රියට
ඇරිය යුතුය.
දහදිය බිබිලි සදහා රත්මල්,ගන්සුරිය ,පින්න ආදී
කොළ තම්බා ස්නානය සුදුසුය.රෙදි කඩක් තෙමා ශරීරය වරින් වර පිස දැමීම සුදුසුයි.
වද මල්,බෙලි මල්,රණවරා ආදී ඖෂධීය පානය ඉතා සුදුසුය.
තේ
,කෝපි වර්ජනය කරන්නේ නම් මැනවි.
3.වර්ෂා කාලය
ඇළ දොළ ජලයෙන් පිරි යන කාලයයි . බඩගින්න අඩු වන අතර ,එබැවින් ශරීරය දුර්වල
වේ.වර්ෂාව ,බිමින් නගින ජල වාෂ්ප හේතුවෙන් වා පිත් සෙම් ආදී වූ තුන් දොස කිපී යයි.
එමනිසා දිය මුසු ආහාර,(කොමඩු,මීකිරි) ,ශීත ආහාර
අනුභවය,දහවල් නින්ද,ව්‍යායාම,අවුවේ ගමන් යෑම,ආදී දේ අහිතකරය.
වැසි
සහිත සිතල දින වලදී ශරීරයේ අග්නිය සුරකිමට,අම්ල,ලවණ බහුල ආහාර ගැනීම,උණුදිය භාවිතය
සුදුසුය.පවිත්‍ර සියුම් වස්ත්‍ර ඇදීම හා
කහ ඇග ගැල්විම සුදුසුය.බුදු දහමේ පවා මේ කාලයේදී
භික්ෂුන් සදහා පරිහරණයට ,”” වැසි සළුව” නම් වෙනම රෙදි කඩක් නිර්දේශ කර ඇත.දහවල වා කවුළු වසා තබා රාත්‍රියට
ඇරිය යුතුය.
ළිං ජලය
හා වර්ෂා ජලය උණු කොට පානය කල යුතුය.සෙම් රෝග වලින් ආරක්ෂා විය යුතුය.
4.සරත් කාලය
ගස් වැල් මලින් බරය ,අහස වලාකුළු වලින් බරය.රුක්
අත්තන මල් පිපි සුවද හමන කාලය මෙයයි.මේ
කාලයේ විශේෂ ලක්ෂණය නම් ,වර්ෂා කාලයේ රැස්
වූ පිත සරත් කල ප්‍රකාශයට පත් වීමයි.එබැවින් පිත සංසිද
වන අහාර හා විහරණ මගින් පිත් රෝග සැදීමෙන් ආරක්ෂා විය හැක.
මිහිරි වුත් කසට වූත් අහාර පාන ගැනීම හා
ඔසු පැන්,බාර්ලි ,සවි පානය විශේෂයෙන් කිතුල් පිටි කැද යහපත්ය.සැවන්දරා
,සුදු හදුන් යෙදු ජලය ස්නානය කුබුක් පොතු /කොලොම් කොළ අබරා ඇග ගල්වා ස්නානය
යහපත්ය.
රාත්රියේදී සද රැස් සේවනය යහපත් වේ.
නෙලුම් මල් පිරි වැව් ජලය
ස්නානය,නෙලුම් අල,කෙකටිය ,කොහිල වැනි ජලය ආශ්රිත අහාර ,පලා වර්ග වැඩිපුර අහාරයට
ගැනීම,ජලජ මාංස,දීකිරි ,ගිතෙල් අහාර යහපත්ය.
පිරිසිදු
ඇදුම් ඇදිය යුතුය.අවු රැස් සේවනය අයහපත්ය.
5.හේමන්ත හා ශිශිර කාලය
සිසිල් සුළන් හමන කාලයකි.දහවල කෙටිය.අහාරය
වේගයෙන් දිරවයි.ශරීරය වියලි වන අතර ,සිතල වායුව වාත කෝප කරවයි.මාංශ වර්ග ගිතලෙන්
පිස,අම්ල,ලවණ රස යොදා අනුභව කරන්න.පැණි රස
, එළකිරි ,හකුරු ,මි පැණි, තෙල් භාවිතය,අලුත්
සහල් බත් හා උණු දිය පානය යහපත්.
මේ
කාලයේදී ඖෂධිය තෙල්
ඇග ගල්වා සම්බාහනය කිරීම,අවුව
තැපීම,උණුසුම් ගෙවල් වල විසීම හා ඝන ඇදුම් උචිතය.
එළිමහනේ ව්‍යායාම කිරීම,අලුත් ධාන්‍ය,පලා වර්ග සුදුසුය.
අප බොහෝ දෙනා රෝගී වන්නේ වැරදි ආහාරපාන
හා විහරණ නිසාය.එබැවින් එක් එක් සෘතුන් හිදී ඒ ඒ
සෘතු චර්යා අනුගමනය කිරීමෙන් රෝග බොහොමයක්
වලක්වා ගත හැක.ආයුර්වේදය යනු මිනිසාගේ
නිරෝගිකම සුරකින විද්‍යාවකි. වර්තමානයේ අප රටේ
සෘතුන්හි විෂමතා පවතී.
විශේෂයෙන්
ග්‍රීෂ්මය දරුණු වී ඈත,සිදු වන වන සංහාරය හමුවේ එක් ගසක් හෝ සිටු වීමෙන් මිනිසාට විදීමට සිදුවන පාරිසරික අසමතුලිතතා බොහෝ දුරට වලක්වා ගත
හැක.
No comments:
Post a Comment