" වගපුල් ඉගුරු හෙළලුහුණුද දළුව මු ල
මේ සියල් සමව ගෙන අටිනෙක පිසූ ජ ල
දුන්කල් සියලු සෙම් රෝග නැසේ නොපැකි ල
එමකල් ලේහ කළ වැනි තිකුළු දොඩැඹු ල "
මෙය සෙම් රෝග සුවය සදහා බාවිතා කරන ගුණැති කසායක් වන අතර ,අද අප ඔබ දැනුවත් කිරීමට සිතුවේ කසාය හා රෝග සුවය අතර ඇති සබදතාව හා එහි වටිනාකමයි.එනමුත් අද සමාජයේ බොහෝ දෙනා කසායක් නිවැරදිව සකස් කිරීමට නොදත්තෝ ය.එබැවින් කසායක් යනු කුමක්ද ,එය සකසා ගන්නේ කෙසේදැයි දැනුවත් වීම වටි..
දවස පුරා වෙහෙස මහන්සි වූ ගොවියා ගෙදර විත් ඇග පතේ රුදා දුරලා ගැනීමට පානය කරන්නේ බැවිල සුදු ලුණු කෂායකි,නැතහොත් වෙනිවැල් ගැට කෂායකි.
එමගින් ඔවුනට ඉක්මන් සුවයක් ලැබෙන අතර මනසටද සුවයක් ලැබිණි. ඔවුන් එදිනෙදා අත් බෙහෙත් ලෙස ගත හැකි කසාය වට්ටෝරු රාශියක් පරිහරණය කලෝය.
දේශීය වෙදකමේ හා
ආයුර්වේද වෛද්‍ය ක්‍රමය රෝග සුවය සදහා ඉතාමත් ඉවහල් වන කෂාය,පානය තුලින්
පුද්ගලයන්ගේ රෝග සුව වනවා පමණක් නොව ප්‍රතිශක්තිය වර්ධනය වේ.කෂාය තිත්තය ,,,බිමට
අපහසුය යන්න බොහෝ දෙනා දරන මතය වේ.නමුත් අපගේ ප්‍රතිශක්ති පද්ධතිය උත්තේජනය වනුයේ
තිත්ත රසයෙනි.එමනිසා තිත්ත රසය ඉවසිය යුතුය.
කසාය
බිමෙන් වකුගඩු රෝග,අක්මා රෝග ඇති වේ ය යන සමාජ
දුර්මතය නිසා බොහෝ දෙනා කෂාය බිමට බිය වේ.නියමිත
මාත්‍රාවෙන් වෛද්‍ය උපදෙස් පරිදි ගන්නා කසාය කිසිම ආකාරයක අතුරැ ආබාධ ඇති නොකරයි.,වර්තමානයේ
කසාය හැලියක් ලිප තබා ගැනීමට බොහෝ දෙනා මැලි වේ.නමුත් වෙදකමේ ජීවනාලිය බදු
කසාය,රෝග සුවය සදහා යොදන අනිවාර්ය අංගයකි.
කෂායක් යනු කුමක්ද??
ශාකවල
මුල්,පොතු,ඇට,මද ,මල් ආදිය ප්‍රමාණාත්මකව කිරා ,පිරිසිදු කර ,ජලය යොදා සිදුවා
ගන්නා විට ශාක ද්‍රව්‍ය වල ගැබ් වූ මධුර,අම්ල
ආදී රසයන් එකතු වී කසායක් සකස් වේ. (ශාක නොවන ද්‍රව්‍යද කසාය සදහා යොදා ගනී). වෛද්‍යවරයකු
යම් රෝගයක් සදහා ලබා දෙන ප්‍රතිකාර පද්ධතියේ ,පත 8 එකට සිදුවා පානය කරන ලෙස නියම
කරන වට්ටෝරුව පොදුවේ ජනයා කසාය වට්ටෝරුව හෙවත් කසාය සීට්ටුව ලෙස හදුන්වයි.වඩියක්
යනු එක දවසකට පානය කල යුතු ප්‍රමාණයයි. උදා:වඩි
5= දින 5.
2.මුව දෝවන කසාය (ගන්ඩුෂ කසාය)
3.පැන් කසාය
4.ස්නානයට හා සේදිමට යොදාගන්නා කසාය(ශේක)
5.ඇස්තෙමන කසාය (ආශ්චෝතන කසාය)
6.දාහයේදී නිතර යෙදෙන කසාය (සංශ්‍රය කසාය)
7.කැද පිසිය යුතු කසාය (පේයා)
8.වණ සෝදන කසාය (ව්‍රණ ප්‍රක්‍ෂාලන). 9.තෙල් පිසින කසාය (ස්නේහ කසාය)
10.උණු පැන් කසාය ( උෂ්ණෝදක
කසාය )
ලෙස කසායන් විවධ වේ.
මෙහිදී අප වැඩිපුර භාවිතා කරන පාන කසාය ,
සැදීමේදී පිරිසිදු ඇල් ජලය යොදා ගන්නා අතර
ජලය වෙනුවට තැබිලි වතුර යොදා ස්වර්ණ සන්නීර කසායද, කිරි යොදා ක්ෂිර කසායද
රෝගය අනුව පිළියෙළ කර ගනී.
කෂායක බර කොපමණ වේද?
සාමාන්‍ය වැඩිහිටියෙකුට එක් වරකට
සිඳීනු ලබන කසායකට කලං 12ක් අඩංගු වේ.කුඩා ළමයෙක් සදහා කලං 6ක් ගත යුතුය.කළදක් යනු ග්රෑම් 5කි.එනම් කසායක බර ග්රෑම් 60කි.
කසාය කලං මන්චාඩි වලින් මනී. මන්චාඩියක් යනු මදටිය ඇටයක බරයි. කලදකට මංචාඩි
20කි.කසායට යොදනා ද්‍රව්‍ය ප්‍රමාණය අනුව කලන් මංචාඩි ප්‍රමාණය වෙනස් වේ.කසාය
සිට්ටුවේ කලං, මංචාඩි ප්‍රමාණ වෛද්‍ය වරයා විසින් ලියනු ලැබේ.
කෂායක් නිවැරදිව සිදින්නේ කෙසේද??
කලං 12 ක් බරැති ,කසාය මුල, මැනවින් පිරිසිදු කොට
,ඇනයක් ගැට ගැසූ (අමනුෂ්‍ය දෝෂයන්ගෙන් ආරක්ෂා වීම සදහා) මැටි මුට්ටියක ට දමා වතුර
පත 8ක් දමා, මද ගින්දරින් 8 එකට සිදුවා ගත යුතුය.
පිරිසිදු රෙදි කඩකින් එය පෙරා
අනුපානයන් සමග පත භාගයක් පානය කල යුතුය.වැඩිහිටියන් සදහා 8 ,එකටත් ,,ළමයින් සදහා
4 එකටත් හෝ 2 එකටත් සිදුවයි.
වතුර පතක් යනු
මිලි 240කි.එනම් තේ බිමට ගන්නා අඩු කෝප්පයක ප්‍රමාණයකි. අඩු කෝප්ප 8ක
ජලය සාමාන්‍යයෙන් කසායට යොදයි. පත
භාගයක් යනු මි.ලි 120කි.
කසාය
සැදීමේදී මැටි මුට්ටිය ප්‍රශස්තය.
දර
දීමේදී කොස් දර පොල් කටු වැනි සැර දර යෙදිම නුසුදුසුය.කසාය හැලිය විවෘතව තබා වරින්
වර පරීකෂා කරමින් කසාය තම්බා ගත යුතුය.
කෂාය පානය කළ යුතු ආකාරය කෙසේද?
දොස් කිපෙන හෙයින් රාත්‍රියට කසාය පානය නොකරයි. උදේ 6 -සවස 6., ආදී ලෙස වෛද්‍ය වරයා විසින් කසාය බොන වෙලාව සදහන් කරනු ලැබේ. කසාය කෑමට ප්‍රථම හෝ පසුව ගත හැක ,කසාය පානයෙන් පසු විනාඩි 10-15 ක විවේකයක් ගත යුතුය.කසාය බොන දින වලදී තෙල්,ඇඹුල් අහාර ගැනීමහා ස්නානය නොකළ යුතු නම් වෛද්‍ය වරයා විසින් ඒ බව රෝගියාට පවසනු ඇත.
කසායක් පානයෙන් පසු හුණු කෑම,කිරි ,බුලත්,වෙනත්
සාන්ද්‍ර යුෂ වර්ග නොගත යුතුය. එය බෙහෙත ශරීරයට
උරා ගැනීමට බාධාවකි.
ජලය පානය නොකොට ජලයෙන් කට සේදිම පමණක් කල හැකිය.
අනුපාන යනු මොනවාද??
"" සිනි
හා මී පැණි යොදා පානය කරන්න”’,යනුවෙන්.කසායක සදහන් කරන්නේ අනුපාන පිලිබදවයි.
අනුපාන යක් මගින් කසායක අමිහිරි රසක් තිබේ
නම් එය නැති කරන අතර ,කසාය ශරීරයට උරා ගැනීම පහසු කරයි.සුවදක්,වර්ණවත්
බවක්, හා කසායේ ගුණ වැඩි
කරයි.ප්‍රධාන ඖෂධ වල ආසාත්මිකතා ඇත්නම් ඒවා නැති කරයි.
සිනි,මි පැණි,එඩරු තෙල්,සහිද ලුණු,උක්පැණි,ඇඹුල්
දොඩම්,දෙහි,තිප්පිලි කුඩු,පෙරුම්කායම් බහුලව බාවිතා වන
අනුපාන වේ.අනුපාන යොදන ප්‍රමාණයක් ඇත.තේ හැන්දක්,අබ ඇටයක ප්‍රමාණය ,බිලාල පාදයක ප්‍රමාණය(අතේ ඇගිලි 3කට අසු වන ප්‍රමාණය),බින්දු ලෙස මාත්‍රාවන් සදහන් කරයි.
එක් එක් රෝගියාගේ ශරීර ශක්තිය ,රෝග තත්වය
,අපේක්ෂිත ප්‍රතිපල අනුව සුදුසු අනුපානය වෛද්‍ය වරයා විසින් නිගමනය කරයි.
වර්තමානයේ දී
බොහෝ රෝගීන් පැමිණ පවසන්නේ ගෙදරදී බෙහෙත් සාදා ගැනීමට නොහැකි බවය.බෝතල් කළ කසාය(ක්වාථ) පානය කිරීමට ( වෙළද පලෙන් මිලදී ගැනීමට හැකිය.)බොහෝ සෙයින් නැබුරු වී
ඇති අතර ඒම බෝතල් කසාය පානය කරනවාට
වඩා කසායක් ගෙදරදී
සිඳුවා ගෙන පානය කරන්නට හැකි නම් ඉතාමත් උචිතය.
අප සදහන් කල ආකාරයට නිවැරදිව කසායක් සාදා ගෙන පානය කිරීමෙන් රෝගයේ සුවය කෙටි කාලයක් තුල ලැබේ.
කසායක් යනු
හුදෙක් ස්වභාවික ද්‍රව්‍යන්ගෙන් නිස්සාරණය කොට ගන්නා
පානයක්මය.එහි කෘතීම රස හා වර්ණ කාරක අඩංගු නොවේ.
සොබාදහමට සමීප උන පුද්ගලයා සැමවිටම නිරෝගීය....
සොබාදහමට සමීප උන පුද්ගලයා සැමවිටම නිරෝගීය....
චායාරුප සදහා විශේෂ ස්තුතිය:බණ්ඩාර වරකාගොඩ මහතා
No comments:
Post a Comment