Thursday, June 30, 2016

දැනුවත් වී ප්‍රතිකාර ගනිමු 02- බොහෝ දෙනා දුක් විදින අර්ධාවභේදය (Migraine)



හිසේ අඩක පමණක් වේදනාව ඇති වන බැවින් අර්ධාවභේදය ලෙසින් හදුන්වයි.
බොහෝ දෙනා මින් පිඩා විදින අතර තරුණ අය අතර බහුලය,,මිනුත් කාන්තාවන් බහුලව ගොදුරුවේ.
මෙම රෝගය ඇති වන්නේ කුමන හේතු නිසාදැයි අප සලකා බලමු....

01...අහිතකර අහාර අනුභවය....
රුක්ෂ(අධික වියලි),උෂ්ණාධික අහාර ,කෝපි වැනි උත්තේජක පාන,කෘතීම රසකාරක යෙදු අහාර පාන ,චොකලට්,වැනි ක්ෂණික අහාර,,පිළුණු වූ අහාර හා නැවත නැවත රත්කර අහාර ගැනීම.
02.නිරාහාරව සිටීම හා අධික ලෙස අහාර ගැනීම,කෑ පිට කෑම.
03.හෝමෝන වල වෙනස්කම්
වැඩිවියට පත්වන අවදිය,මාසික ආර්තවය සිදුවනවිට,උපත්පාලන පෙතිගන්නා විට,ගර්භණි අවධියේදී ,ආර්තවාභාවය සිදුවෙන කාලයේදී, අර්ධාවභේදයක රෝගය පැන නැගීමට වැඩි ඉඩ කඩ පවතී.
04.අවිවේකිබව
05.මානසික ආතතිය
06.අධික වියායාම
07.නිසි නින්දක් නොලැබීම
08.වේග ධාරණය(මල,මුත්‍ර ආදී..... වේග පිට නොකිරීම.)
09.පාරම්පරික හේතු
10.අධික සංසර්ගය
මෙම රෝගයෙන් වැලකීම සදහා මෙම හේතු පිළිබද සැලකිලිමත් විය යුතුය.

අර්ධාවභේදය රෝගයේ ප්‍රධානම රෝග ලක්ෂණ ලෙස හිසේ අඩක ඇතිවන තදබල හිසරදය,නළලේ අඩක,ඇහිබම,ඇස,කොපුලේ අඩක,කන,හකු දත් ආදියේ වේදනාව දැක්විය හැක.මෙම වේදනාව නිසා රෝගියා පිඩාවට,අසහනයට පත්වේ. තවද ආලෝකය දෙස අපහසුව,ශබ්ද වලට අතිශයින් සංවේදී වීම, කරකැවිල්ල,ඔක්කාරය ,වමනය ආදී ලක්ෂණ පෙන්නුම් කරයි.
මෙම රෝගීන්ට බඩගින්න අඩුකමක් හා උදරයේ වේදනාවක් ,නිදිමත වැනි ලක්ෂණ ඇති විය හැක,ඇස් ආශ්‍රිත වේදනාව,බොදවී පෙනීම,හිසේ මෙන්ම අත් පාවල හිරි හා අප්‍රාණික බවඇතැම් විට,දැනේ.

රෝගය සැදුනු විට අදුරු පරිසරයක නිදාගැනීම මගින් තාවකාලිකව රෝගය සමනය වී යයි.
එනමුත් වෛද්‍යවරයකු ලවා පරීක්ශා කරවාගෙන රෝගය හදුනාගත යුතු වන අතර,වෛද්‍යවරයා විසින් රෝග සුවය සදහා අවශ්‍ය කසාය,ගුලි,කල්ක,චුර්ණ නියම කරනු ඇත,,
තවද බාහිර ප්‍රතිකාර වශයෙන් හිසට තෙල් දැමීම,ශිරෝධාරා,ශිරෝලේප, හා නස්‍ය කිරීම නිසි ලෙස සිදු කිරීම මගින් මෙම රෝගයෙන් සුවය ලබා ගත හැක.
එනම් ආයුර්වේදීය හා දෙශීය ප්‍රතිකාර මගින් ඉතා හොදින් සුවය ලබා ගත හැකි රෝගයක් ලෙස අර්ධාවභේදය රෝගය දැක්විය හැක.

                      සැකසුම:  ආයුර්වේද වෛද්‍ය චාමර ජයවර්ණ  (BAMS-Colombo)           
                                                                                                                                                                                     




දැනුවත් වී ප්‍රතිකාර ගනිමු..01 Allergy:--ශීත පිත්ත(Urticaria)





අද අපි කතා කරන්නේ පුද්ගලයෙකුට ඕනෑම මොහොතක යම්කිසි ඖෂධයක්,අහාරයක්,ඇගේ තවරනලද හෝ ගැවෙන යමක්,ආශ්වාසයෙන් ඇතුළු වන දෙයක්,හෝ වෙනත් හේතුවක් නිසා ඇති විය හැකි තත්වයක් ගැන,මෙය ඉතා සරල මට්ටමෙන් හා මරණීය මට්ටමෙන් ඇති වීම නිසා මේ ගැන දැනුවත්ව සිටීම වැදගත් වේ.සමහර විට මේ නිසා වෛද්‍යවරුන්ද අපහසුතාවට පත් වෙන්න පුළුවන්. මෙහි මුලික අවස්තාව ආයුර්වේදයේ ශීත පිත්ත යනුවෙන් හදුන්වයි.බටහිර මතය අනුව Urticaria නම් වෙයි.
මෙහි ඉතා බරපතල තත්වය තමා “Anaphylactic shock “ යන අවස්ථාව.මෙහෙදී මරණය වුවද ඇති විය හැක.

බහුලව අසාත්මික වන දේ:--
- - - - - - - - - - - - - - - -
1. ඖෂධ වර්ග:-- Paracetamol සිට බටහිර ඖෂධ බොහොමයක් අසාත්මික වෙන්න පුළුවන්,ඒ අතරින් වැඩි වශයෙන්ම අසාත්මික වන ඖෂධ 3ක් දක්නට ලැබේ,
*Penicillin හා එහි ව්‍යුත්පන්න, * iv iron(ශිරාවන් හරහා ලබාදෙන),
* Antivenom Injection(ප්‍රතිසර්ප විෂ)
ආයුර්වේද ඖෂධ සැලකුවිට අසාත්මිකතා සිදුවන්නේ කලාතුරකිනි.
2..අහාර වර්ග :-- අන්නාසි,තක්කාලි,ඉස්සෝ,දැල්ලෝ,බලමාළු,උරුමස්,හරක් මස්,සමහර හතු වර්ග,සැමන්
3.සම හරහා:- ආලේපන වර්ග =hair dye,makeup,ක්‍රිම් වර්ග,, කෘමි දෂ්ටන=දෙබර,බමර,කළාදුරු,මිමැසි, ස්පර්ශයෙන්=දලබුවන් හා කහබිළියා වැනි සමහර ශාක
4.ස්වසනයෙන්: මල්වල පරාග,සතුන්ගේ රෝම,කෘමිනාශක හා වෙනත් රසයනික ද්‍රව්‍ය,ශීතල වාතය

urticaria වල ලක්ෂණ ලෙස පලු දැමීම,කැසීම,දැවිල්ල,උණුසුම,ඉදිමීම,රතු වීම ද .සමහර අවස්ථා වලදී සමේ කුඩා බිබිලි ලෙස කැසීමක් සහිතව දැකිය හැක.සමහර විට ඇස් වල කැසීම,ඉදිමීම,රතුවීම කදුළු ගැලීම සහිතව මෙම තත්වය ඇති වෙන්න පුළුවන්.මෙම තත්වයේදී “Antihistamin ‘’,Steroid, පෙති වර්ග සහ Steroid ක්‍රීම් වර්ග බාවිතා කරයි.මේ පිළිබද ආයුර්වේදයේ මෙසේ දැක්වේ, ” තදින් කිපුනාවූ වාතය හා සෙම කිපුනාවූ පිත සමග එක් වී සමේ ඇතුලත හා රක්ත ධාතුවටද පැතිරේ,මෙය ත්‍රිදෝෂජ රෝගයකි.හමේ බඹරු විදීමෙන් ඇති වූ පරිදි, පලු නැගීම ,ඉදිමීම හා කැසීම,වේදනා උන ,දාහ පැවතීම ශීත පිත්තයයි”....

ආයුර්වේදයේ මෙහි ප්‍රභේද 2ක් දැක්වේ.
1,තීව්‍ර:- වහා පැන නැග දින 2න් 3න් සුව වේ.
2,පුරාණ:- විටින් විට හට ගැනේ,සති මාස ගණන් පවතී.

මේ සදහා ප්‍රතිකාර ලෙස
- - - - -- - - - - - - - - -
1.තීක්ෂණ තෙල් (අබ තෙල්) ගා උණුසුම් වතුරෙන් සේදීම
2,අමු පොල් කොළ පුළුස්සා දුම් ඇල්ලීම
3,කහ +නිදිකුම්බා කොළ තම්බා සේදීම
4,වමන හා විරේක ප්‍රතිකාර ,ආදිය හේතුවට අනුව යෙදිය යුතුය.ලේ පිරිසිදු කිරීමට(රක්ත ශෝධනය) ප්‍රතිකාර යොදයි.
ඉහත සදහන් අසාත්මික විය හැකි අහාර වලින් වැළකීම,අවුවේ සිටීමෙන් වැළකීම,සුදුසුය.
එළවළු ,සැර නැති අහාර,තිත්ත රස අහාර,ගුණදායක වන අතර,උණු දිය නෑමටත් ,උණු දිය බිමටත් රෝගියාට උපදෙස් දේ.

“Anaphylactic shock “ යන අවස්ථාව
-----------------------------------------------
ශීත පිත්තය ඇති වූ අයෙකුගේ ,මුහුණ ඉදිමීම,හුස්ම ගැනීමේ අපහසුව,උෂ්ණත්වය ඉහල යෑම,හෘද වාර ගාන(heart rate), වැඩිවීම,රුධිර පීඩනය අඩු වීම,ක්ලාන්තය,යන ලක්ෂණ සමග මෙම තත්වය ඇති වේ,Utiecaria ඇති වීමෙන් තොරව එක් වරම “Anaphylactic shock “ ඇති විය හැක.කෙසේ නමුත් මෙහිදී ශරීරයේ වැදගත් ඉන්ද්‍රියන්ට විශේෂ යෙන් මොළයට රුධිර සැපයීම අඩුවීමෙන් ,මරණය පවා සිදු විය හැක.බටහිර මතය අනුව මෙය වෛද්‍යමය හදිසි අවස්තාවක් (medical immergency)ලෙස සලකයි,එම නිසා මෙවැනි තත්වයකදී හැකි තාක් ඉක්මණින් රෝගියා රෝහලකට ඇතුලත් කල යුතුය.

                                                                                                  
                                                                                                                                                                                     








ඔසු ගුණ වරුණ 01 - ඉන්නල/රටල


LAMIACEAE කුලයට අයත් Plectranthus rotundifolius යන ඉන්නල ශාකයේ උත්පත්තිය නිවර්තන අප්‍රිකාවේ ය.බටහිර අප්‍රිකාව,ඉන්දියාව,මලයාසියාව,ඉන්දුනීසියාව ,ලංකාව වැනි රටවල වගා කෙරේ.ඉන්නල ඖෂධයක් වශයෙන් යෙදීම විරල උවත් ඖෂධිය ගුණයෙන් පිරිපුන්ය.
ලංකාවේ සෑම පළාතකම පාහේ හොදින් වැවෙනා ශාකයකි..ඉනි වල සිටුවන නිසා ඉනි-අල ,ඉන්නල වූ බව සමහරු කියති ,වරෙක ඉහල නගින්නා වූ හෝ බිම දිගේ වැතිරෙන පැලාටියකි.තද දුඹුරු පැහැ කුඩා අලය,දන්ඩ වටා අල බසී.
දම් පැහැ මල් පිපේ,,හැඩයෙන් කොලියාස් පැල වලට සමාන කමක් දක්වයි...




සිංහල:හිනි අල ,ඉනිඅල,ඉන්නල,රටල
ඉංග්‍රීසි; Chinese photatos.
දෙමළ:සිරුකිලංකු
අර්ශස්,සර්ප විෂට,,පණු රෝග සදහාද ගුණ දායකය,භග්න සදහා ප්‍රතිකාර කිරීමේදී ආහාරයක් වශයෙන් ඉන්නල යොදා ගැනේ.දියවැඩියාවටද ගුණදායකය.






     ප්‍රෝටීන්,මේදය,කාබෝහයඩ්රේට්,කැල්සියම්,පොස්පරස්,යකඩ,විටමින් A,විටමින් B ,විටමින් C ආදී බොහෝ ගුණ යන්ගෙන් යුක්ත වේ,,,දැන් ඉහල මිලකට විකිනෙන අල වර්ගයක් බැවින්,අප ගෙවත්තට නොපමාව එකතු කරගත යුතු අල වර්ගයක් වර්ගයක් ලෙස ඉන්නල හැදින් විය හැක.








           



Wednesday, June 29, 2016

නිසි අහර - නිසි පුරුදු මගින් වලකාගමු අපි හෘද රෝග..!




ශරීර සුවතාව හා නැවුම් වාතය බිදක් ලබාගනු පිණිස උදය වරුවේ මම උද්‍යානයේ  අවිදීම ට  ගියෙමි... බොහෝ වයසක උදවිය උද්‍යානයේ නොයෙකුත් ශාරීරික  ව්‍යායාම වල යෙදී සිටි,,, ඒ අතර  මට හුරු පුරුදු  මුහුණක් පෙනිණි.ඒ  අපගේ  අසල්වාසී අකරවිට මහතාය.හෙතෙම මා දැක ,කතා කළේය.ඔහුගේ පළමු බයි පාස් ශල්‍ය  ක්ර්මයෙන් පසු මෙසේ දිනපතා උද්යානයට පැමිණ ව්‍යායාමයේ යෙදෙන බව මට පැවසුවේය.බොහෝ දෙනා ව්‍යායාම පිළිබද සිතන්නේ හෘද  රෝගයක් වැළදුන පසුවය.එවිට ප්‍රමාද වැඩිය.රෝගයක් වැළදීමට ප්‍රථම ඉන් වැළකිය යුතුය.අකරවිට මහතා කෙරේ මට අනුකම්පාවක් සිතිනි .ඔහුට   නැවත  බයි පාස්  ශල්‍ය කර්මයකට නොයන අයුරින් දිවි පෙවෙත හැඩගස්වා  ගන්නා ආකාරය  පැහැදිලි කොට දුනිමි.ඔබටත් ඒ  උපදෙස්  බිදක් මෙහි සදහන් කිරිමට ඉටා ගත්තෙමි..
හෘද  රෝග වලක්වා ගැනීම සදහා,,,,,,,
1.අහාර පාලනය:: නිවුඩු සහිත සහලින් පිසූ බත් සහ කොළ පාට,පලාකොළ මැල්ලුම් සහිතව එළවලු,,බහුල අහාර ලුණු අඩුවෙන් අනුභවය..
2.සීතලට මිදෙන තෙල් වර්ග(පොල්තෙල් ,එළගිතෙල්) ආදිය..සත්ව තෙල් (බටර්,චීස්,,යෝගට්,මීකිරි ආදියත් ) අත් හැරීමද ,,,,පොල් කිරි අඩුවෙන් බාවිතය්ත් (පහු කිර) පුරුදු වීම.
3.බිත්තර සුදු මදය ,හම ඉවත් කරන ලද තෙල් රහිත කුකුළු මස්,කරදිය,මිරිදිය මාළු සාමාන්‍ය වැ බාවිතයෙන් මාංස අවශ්‍ය තාව සපුරා ගැනීම...(දැල්ලන්,,,ඉස්සන් ,කකුළුවන් වැඩිපුර ආහාරය අහිතකරය)
4.මුන් ඇට,කඩල,කවුපි,කුරක්කන්,දඹල,සොයා බෝංචි,මෑ කරල් ආදී ධාන්‍ය අනුභවය.
5.තෙල් අවශ්‍ය තාව සදහා ,,, තල තෙල්,කෝන් තෙල්,සුරිය කාන්ත තෙල් බාවිතය
6.පලතුරු බහුලව ආහාරයට එක කරගැනීම,ගස් ලබු අති විශේෂය,,ඉදුණු ගස් ලබු මෙන්ම කිරි සහිතව උයා ව්‍යංජන සහිතව අනුභවයෙන්,ලේ කැටි සැදීම වැලකි,ඇපල් දොඩම්,මිදී,දෙළුම්,පේර,අඹරැල්ලා,ජම්බු,රට ඉදි ආදිය හොද පලතුරුය.
7.මධු මෙහයට අවකාශ නොතබා පිෂ්ට දාතු ආහාර ,සීනි,,,පැනි,හකුරු ,,,පැණි රස දෑ අනුහවය ඉතාමත් අඩුවෙන් කල යුතුය.
8.සුරුට්ටු,සිගරට් ,බිඩි,පයිප්ප ආදී වශයෙන් දුම්පානය සහ දුම්කොළ බාවිතය අත් හැරීම කල යුතුය.සෑම ආකාරයකම මාද්‍යසාරය අත්හල යුතුය.
9.දෛනික සෞක්‍ය නියමයන් තරයේම පිළිපැදිය යුතුය.පාන්දරින් අවදි වීම,,ස්නානය,,,විශේසයෙන්,දත් ,මුකය පිරිසිදු කිරීම,දිරාපත් දත් ඉවත් කිරීම,හා විදුරු මස් නරක් වී තිබේ නම්,ඒ සදහා ප්‍රතිකාර ගත යුතුය.
10.සුදුලුනු,ලොකු ළුණු,ලීක්ස්,ආදී සුදුළුනු පවුලේ උද්භිද බහුලව ආහාරයට,එකතු කරගත,යුතුය.ලුනු වර්ග හැකි තාක් අමුවෙන් ආහාරයට් ගන්න.
11.තම තමන්ගේ ශක්තියට ප්‍රමානවත් අයුරින් ව්‍යායාම කල යුතුය.පයින් ගමන් කිරීම හොදය.අධික වෙහස නොදැනෙන ,සුර්ය නමස්කාරය,ප්‍රාණයාමය වැනි යෝගාසනයක යෙදීම වඩාත් යහපත්ය...
12.ආගමික සත් කර්තව්‍යන්හි යෙදීම,ගාථා කියමින වන්දනා කිරීම, භාවනාවක යෙදීම,ආදියෙන් මානසික සුවය ලබාගත යුතුය.චිත්ත විවේකය ආරක්ෂා කරගත යුතුය,සැහැල්ලුවෙන් ,සතුටින් ජීවිතය ගත කල යුතුය...

යුවාන පිඩකා -කුරුලෑ





බොහෝ දෙනා පිඩා විදින කුරුලෑ නම් සමේ රෝගය ආයුර්වේදයේ හදුන්වන්නේ යුවාන පිඩකා නමිනුයි..බාල,තරුණ,මහලු
කුමන වයසක වුවද උදවියට කුරුලෑ සැදිය හැක,,,,එනමුත් මේයින් වැඩිපුර අපහසු තාවයට පත්වනුයේ තරුණ පිරිසය.කුරුලෑ මුහුණේ,බෙල්ලේ,පපුව,පිට අශ්‍රිතව පැන නැගිය හැක,,ඉමහත් වේදනාවක් හා අවලස්සනක් ඇති කරන බැවින් මෙය බොහෝ දෙනාට ,සිතට වද දෙන ගැටලුවකි.

කුරුලෑවක් හට ගැනීමේදී ප්‍රථමයෙන් සමෙහි ඇති රෝම කුප අවහිර වීමක් සිදුවෙනවා,,මුලින් සුදු කහ පැහැති කුරුලෑ විශේෂය හට ගනී(White heads)
තවද කළු පැහැ තිත් වැනි කුරුලෑ (Black heads) සමේ තෙල් ස්වබාවය අදික නහය උඩ,නිකට වැනි ස්ථාන වල හට ගන්නවා..මෙම කුරුලෑ විශේෂ වල බැක්ට්රියා වර්ද්නයක් සිදු නොවෙන අතර,,තව දුරටත් රෝම කුප අවහිර වීම නිසා ,,ස්නේහ ස්රාවී ග්‍රන්ථි අවරෝධ වී සදෙන රතු
පැහැ කුරුලෑ වල acnesor propianibacterium යන බැක්ටීරියාව සෑදේ.

අප එකිනෙකා ගේ සම විවිදකාරය,,,ඇතැමුන්ට වියලි සමක් ඇති අතර ,ඇතැමෙක්ට තෙල් හෝ මිශ්‍ර සමක් ඇත..තෙල් සහිත සම කුරුලෑ සැදීමට හොද පරිසරයකි,,,කුරුලෑ සැදීම සදහා දායක වන හෝමෝනය ලෙස ඇන්ඩ්රජන් ලෙස හදුනාගෙන තිබෙනවා....ගැහැණුන්ගේ ඩිම්බ කෝෂ වලින්සහ පිරිමින්ගේ වෘෂණ කෝෂ වලින් මෙය ශ්‍රාවය සිදුවෙනවා,,,මෙය ශ්‍රාවය වැඩි වූ විට ස්නේහ ස්රාවී ග්‍රන්ථි අවරෝධ වීම සිදුවෙනවා
කුරුලෑ සැදීම වේගවත් වීමට,තදින් අතිල්ලීම,තෙල්,කෘතීම ආහාර, ඔසප් වීම, මානසික පීඩනය ,දිගු වෙලාවක් අවුවේ සිටීම,ආදී කරුණු බලපායි..

කුරුලෑ සෑදුන පසු එය මිරිකා දැමීම කිරිමෙන්,,ඇති වන කැලල්,,මුහුණට වයස පෙනුමක් ඇති කරයි...කෘතීම සේදුම කාරක සමහරුනට,රෝග තතවය වැඩි කිරීමට බලපායි ..විවිද ආලේප(cream/,make up) ආදිය බාවිතය අයහපත්ය,,,




ශාරීරික පවිත්‍රත්වය කුරුලෑ සුවවීමට බලපාන අතර,,,,දිනකට වාර කිපයක් ,මද උණුසුම් වතුර්න් මුහුණ සේදීම යහපත්ය,,,වෙනිවැල් ගැට තැම්බූ වතුරද යහපත්ය,,,කුරුලෑ මත කලාදුරු අල අබරා ආලේපය,,/උදුපියලිය අබරා ආලේපය මුල් අවස්තා වලදී හිතකරය.



කැලල් සදහා කොහොඹ කොළ එලකිරෙන් අඹරා ගෑමද යහපත්ය.කුරුලෑ අදික ලෙස හටගනී නම වෛද්‍ය වරයකුවෙත යොමු විය යුතුමය.

  







මේ සදහා ආයුර්වේද යේ නිශ්චිත ප්‍රතිකාර ඇත,, වෛද්‍ය වරයා විසින් රෝගියාගේ වයස ,,රෝගයේ ස්වභාවය අනුව ප්‍රතිකාර තීරණය කරනු ඇත.




සුවපත් දිවියකට ශිර්ෂ සම්බාහනය




හිස යනු ශරීරයේ ප්‍රධානතම ඉන්ද්‍රියයි....උත්තමාංගය නමින් හදුන්වන්නේද මෙයයි.....හිසට තෙල් ගලවා සම්බාහනය කිරීම ,,ශීර්ෂ තෛල අභ්‍යන්ගයයි..මේ සදහා පිරිසිදු තැඹිලි තෙල්,පොල් තෙල්,ඔලිව් තෙල් හෝ ශාක සාරයන් ගෙන් සාදන ලද ඖෂධිය තෙල්ද යොදා ගනී....මෙම ඖෂධිය තෙල් සත්කාරය ප්‍රශස්ත වේ.
හිසට තෙල් යොදා දිනපතා සම්බාහන ය කිරීමෙන් හිසේ ස්නායු ප්‍රකෘති මත් වෙයි.ඔබ නිතර පෙළෙන්නා වූ හිසරද ,මානසික ආතතිය,නොඉවසීම,කෝපය,හා පීඩාකාරී තත්වය දුරලනවා ඇත....හිස කෙස් තෙල් වලින් පිනා යන අතර හිස්සොරි,හිසකේ කෙස් වැටීම,හා අකලට පැසීම,හිසකේ වියලි බව,,,,ආදිය දුරලයි.මනෝ විකාර,උන්මාද ආදිය දුරලයි.
කර්ණ රෝග,අක්ෂී රෝග වලින් තොර යහපත් දිවියක් ගත්කල හැක.






හිසකේ දීර්ගව වර්ධනය  වේ.රාත්‍රියට නින්ද නොයන්නන් හට සුව නින්දක් ලබා දිය හැකි ,ඉක්මන් පහසුම ක්‍රමය මේ ශීර්ෂ තෛල අභ්‍යන්ගයයි.මතක ශක්තිය වැඩි දියුණු වන අතර මනසේ සන්සුන් බව ඇති කරයි.....ඔබ නිතර කෝප වන්නෙක් නම් ..සතියකට 2 පාරක් වත්..නිවරදි හිස සම්බාහනයක් කර ගැනීමෙන්..නිතර ඇති වෙන නුරුස්සනා ස්වභාවය ඉවත් වේ..වැඩිහිටියන් සදහා  තල තෙල්,පොල් තෙල්,හෝ ශාකසාර අඩංගු ඖශධීය තෙලක් යහපත් වේ.කුඩා දරුවන් සදහා අරූද තෙල් ඉතා යහපත් වේ...


තවද හිසට අයත් අස්ථීන්ගේ බලය වැඩි වෙයි,හිසට අයත් ඉන්ද්‍රියන් පහන් වේ.හිසට තෙල් දැමිම කල යුත්තේ උදය වරුවෙහිය.ශීර්ශ සම්බාහනය කොට අවම වශයෙන්අ පැය 2ක් වත්   හිද ස්නානය කිරීම යහපත්ය,අවුරුදු චාරිත්‍ර වලදී හිස තෙල් ගැලවීම සදහා නැකතක් හා වස්ත්‍ර වර්ණයක් ඇත, එබැවින් හිස තෙල් ගැලවීම කෙතරම් වටින්නේ ද යන්න ඔබට පැහදිලි වේ.

Tuesday, June 28, 2016

ආයුර්වේදය හා රුපලාවන්යප කලාව 3 - මුහුණු සත්කාරය (Herbal Facial ) හා ස්වභාවික ආලේපන














තීතයේ  සිටම මුහුණු සත්කාරය සදහා යොදා ගනු ලැබුවේ ස්වභාවික ද්‍රව්‍යයෝය.

අප මුහුණු සත්කාරය සදහා ස්වභාවික ද්‍රව්‍යයෝ  යොදාගත යුත්තේ ඇයි?

01.ස්වභාවික ද්‍රව්‍යයෝ බොහොමයක්ම විසබීජ නාශක හා රක්තය පිරිසිදු කිරිඉමේ ගුණයෙන් යුක්තය.
.සුදු හදුන් රත් හදුන් ආදිය ගලගෑම සදහා නිවසේ පිරිසිදු ගලක්  තිබිනි.කුරුලෑවක්,බිබිලක් ආවිට හෝ සතෙක් සපා කෑ විට,එය ඉතා ප්‍රයෝජනවත් විය.

02.බොහොමයක් ද්‍රව්‍යයෝ සම පෝෂණය කරයි.
    අලිගැටපේර මදය ඔලිව් තෙල් සමග ගෑමෙන් සමේ කොරල හා වියලි බව දුරුකරයි.
    කඩල පිටි-සමේ සිදුරු මකාලයි.

03.සමේ කැළැල් මකයි
     තුල්සි කොළ ,ආමන්ඩ් තෙල්,තල තෙල්,පොල් කිරි, ,වදකහ.

04,සමෙහි  කුණු දුහුවිලි පිරිසිදු කරයි
        කොත්තමල්ලි,සාදික්කා

05.සම එකනෙහි පැහැපත් කරයි/දීප්තිමත් කරයි
        කුංකුමප්පු,කහ

06.හමේ ප්‍රතිශක්තිය වඩවයි
    ලෙමන්,කොහොඹ,වැල්මැදට

07,සමේ දාහය  දුරලයි
   බාර්ලි,කුබුක්,කොලොන් කොළ,නෙලුම් මල්

08.සිරවූ රෝම කුප  විවෘත කර අනවශ්‍ය මේදමය කොටස් ,දහදිය ඉවත් කරයි
    වෙනිවැල්,නෙල්ලි,සැවැන්දරා

09.සම වසස්ගත වීම වළකා තරුණ බව ලබාදේ
    රෝස වතුර,දොඩම්

10.සමේ ගැඹුරින්  ක්‍රියාකර අපද්‍රව්‍ය බැහැරට පමුණුවයි.
      මැටි




මෙම ස්වභාවික ද්‍රව්‍යයෝ යොදා මුහුණු සත්කාරය කිරීමේදී අප පියවර  6ක් අනුගමනය කරයි.මේ සදහා පැය 2.5-3ක පමණ වෙලාවක් ගත වේ.

මෙහිදී  ප්‍රථමයෙන් සම පරිසිදු කිරීමට පිරිසිදු කාරක යෝගයෝ භාවිතා කරයි,(1.Cleancing),එය විනාඩි 10 පමණ මුහුණේ රදවා තබා ගනි,හොදින් පිරිසිදු වූ සමට උද්වර්තනය(Scrubbing) සදහා උද්වර්තන යෝගයෝ භාවිතා කරයි,මේ පියවර  විනාඩි 15 පමණ වේ.එය ඉවත්කර සම්බාහන තෙලක්(3.Herbal oil   ) බාවිතයෙන් මුහුණ සම්බාහනය කොට ස්වේද (4.Steam)කිරිමක් සිදු කරයි .
එම පියවර සදහා විනාඩි 20 පමණ ගත වේ.







ඉන්පසු මුහුණේ රැදී තෙල් කොටස උණුවතුරෙන් සෝදා  සම පෝෂණය කරන ද්‍රව්‍ය ආලේප(5.Pack) කරයි,එම ද්‍රව්‍ය  විනාඩි 20 පමණ කාලයක් තබා සෝදා හැර තෙතමන කාරකයක් (6. Moisturiser)ආලේප කරයි.රෝස වතුර ආලේපයෙන් පසු මුහුණු සත්කාරය අවසන් වේ.










මෙම ස්වභාවික ද්‍රව්‍යයෝ ආසාත්මිකතා ඇති නොකරයි. ප්‍රතිකාරය ලබන්නා හට මනසේ ප්‍රීතිය හා නින්ද ඇති කරයි.බ්ලීචින් වැනි සම දවාලන ද්‍රව්‍ය වලින් තොර බැවින්  ටික කාලෙකින් මුහුණ කළු වීමක් සිදු නොවේ. Hydrocarbon සංයෝග  හා කනිජ තෙල් අඩංගු  නොවන බැවින් පිළිකා අවදානමක් නැත.
බොහෝ දෙනා සිතනුයේ අප හමට ගලවන ආලේප බාහිරට පමණක් සිමා වන බවය.නමුත් ඒවා රුධිරය ට එකතුවේ.සාමාන්‍ය තෙල් වර්ගයක් රුධිරයට එකතු වීමට ගතවන්නේ තත්පර 160 කි.රුධිරය මගින් ශරීරය පුරා සංසරණය වේ,කෘතීම හිසකේ කළු කරන ද්‍රව්‍ය(diy) බාවිතයෙන් ඇස් පෙනීම දුර්වල වනුයේ එබැවිනි.
                
දෑස  පෙනී පෙනී කරුවලේ යා යුතු නොවේ,එනම් කෘතීම  ද්‍රව්‍ය භාවිතයෙන් සම /මුහුණ  පැහැපත් කරගැනිම
අතහැර,ස්වභාවික ද්‍රව්‍ය භාවිතා කොට මුහුණ /සම පිරිසිදුව හා කාන්තිමත් ව තබා  ගැනීමට උත්සහ 
 කරන්න.සොබාදහමට ලංවූ තැන  ආයු,වර්ණ ,සැප ,බල ලැබේ.


ආයුර්වේදය හා රුපලාවන්‍ය කලාව ලිපි පෙළ නිම වුවත් ඉදිරියේදී ඔබගේ රු සපුව වනසා ලන හමේ රෝග හා ඒවායෙන් වැළකෙන අයුරු /ප්‍රතිකාර පිළිබද ලිපි පෙලකින් නැවත ඔබ හා  සම්බන්ධ වෙමි. 






ආයුර්වේදය හා රුපලාවන්‍ය කලාව 2..-- සම සුරැකීම හා සොබාදහම





අතීතයේ සිට යහපත්  අහාර කලාවකින්  පරිපූර්ණ වූ ප්‍රෞඩ ජාතියකට  හිමිකම් කියන අප , වර්තමානයේ  කාර්යබහුල  දිනචර්යාව නිසා , ආහාර රටාව ,අවුල් කොට ගෙන ඇත. අප පරිභෝජනයට ගන්නා අහාර  නැවුම් ,පිරිසිදු ,වස විස වලින් තොර  ඒවා විය යුතුය.බර අහාර නිතර නොගත යුතුය, කිරි- මාළු  වැනි විරුද්ධ  ආහාර  නොගත යුතුය. අප ගන්නා ආහාර සමට එක එල්ලේ බලපායි..ආසාත්මිකතාවකදී සමෙහි පලු මතු  වී එන්නේ  එබැවිනි.

සම  අභ්‍යන්තරව පෝෂණය සදහා  කොළ කැද පානය ප්‍රශස්තය,මේ සදහා ලුනුවිල,ගොටුකොල,මුගුණුවැන්න,හාතවාරිය,ඉරමුසු ඉතා   යහපත්ය,තේ  කොපි  වැනි උත්තේජක පාන වෙනුවට බෙලිමල්,රණවරා ,පොල්පලා,ගන්සුරිය දළු තේ ,වද මල් වැනි  ඔසු පැන් පානයට හුරු වීම සම ලස්සන කරගැනීමට සිතන සියලු දෙනාටම වැදගත්ය..

පුරාතන මිනිසා උදෑසන අවදි වූ විට බසින්නේ උදුපියලිය ගොල්ලටය ,,,එය ශරීරයට සිසිලසක් ගෙන දේ.අද අපට වෙරළක ,ගුරු පාරක ,හරිත නිල්ලක අවිදීමට වෙලාවක් නොමැත.
මිනිසාගේ ශරීරයෙන් නිරන්තරයෙන් විෂ පිටකරයි,පාද මගින් එය වැඩි පුර සිදුවේ.පැරැන්නන් ඒ බැව් දැන සිටියෝය.ඔවුන් ගෙවල් බැන්දේ මැටියෙනි.බිමට ගොම  මැටි  ගෑවෝය,අපගේ පාද  මගින් විස කරන විස ගෙබිම උරාගනී,අප දැන් සිටිනුයේ පැය 24ම සෙරෙප්පු හෝ සපත්තු ලාගෙනය..විස පිටවන්නේ නැත.එය ශ්රීර අභ්යනතරයට නැවත පිවිස  නොයෙකුත්  රෝග උපදාවාලයි.(උදා:වාතරක්ත). අද අප ෂිට් ආදියෙන් නිවාස සෙවලි කරන විට ඔවුන් පොල් අතු  යොදා ගත්තෝය.පොල්  කොළ  පුළුස්සා දුම් පාන විට  හමේ ඇති වූ ආසාත්මික තාවෝ  ඉක්මනින් පහව යයි.මේ සදහා අමු පොල් කොළ ප්‍රශස්තය.

පාදයේ සම ගන වූ විට ද විස පිට වීම  අවම වේ.එබැවින් පාද දාහය ,පැලිම ඇතිවේ. ගැමියන්,නාන තොටුපල වල ,ලිද ලග ගල් වල යටිපතුල අතුල්ලා හොදින් සේදුහ,යටිපතුලේ සම සිනිදු වනවා පමණක් නොව එහි නිල තෙරපී, හොද නින්දක් හා ප්‍රබෝධමත් ගතියක් ලබා දේ.

අද අපි ඉදහිට ගන්නා හර්බල් බාත් ,ඔවුන් නිරන්තරයෙන් ලබා ගත්තෝය.සෙමට නික ,පාවට්ටා,කොහොබ තම්බා ස්නානය කොට කුරුම්බා ගෙඩියක් හකුරු කෑල්ලක් සමග පානය කළහ, සතියකට දවසක් වත් ,ගන්සුරිය,රත්මල් ,වෙනිවැල් ආදී වූ ස්වබාවික ද්‍රව්‍ය තම්බා සම පැහැපත් කරගනු වස් ස්නානය කිරීම යහපත්ය. 

මනසේ  සැහැල්ලුව ,,ප්‍රමාණවත් නින්ද  සමේ නිරන්තර අලුත්වැඩියා කටයුතු සදහා අත්‍යවශ්‍යය.සොරෛසිස්  වැනි සමේ රෝග වලට පාර කියනුයේ මෙම මානසික සහනය නොමැති බවයි,,කටෝර ශබ්ද ,,සංගීත තරංග මනස එකම අවුල් ජාලයක් බවට පත් කරයි,,පුරාතන ජන කවිය,ශාන්ති කර්ම,බෙර ශබ්ද  වලින් නිකුත් වනුයේ  අපගේ  සිත සැහැල්ලු කරවන තරංග යෝය.

ස්නානය හා සම  අතර සබදතාව ඉතා වෑදගත්ය,පිහිල්ලකින් ගලන සිසිල් ජලය හිසේ නිලස්තාන උත්තේජනය කරයි,හිස්සොරි ,හිසේ ගෙඩි හට නොගනී,අකලට හිසකේ  වැටීම ,පැසිම සිදු නොවේ.ගන්දියේ ගිලි නෑම, කරදිය ජලය ස්නානය  හමේ ප්‍රතිශක්තිය වඩවයි..කුබුක්  ශාක වල පොතු උරච්චි කර ඇග උලා  නෑමෙන් ශරීරයෙ අධික දැවිල්ල නවති.නාමල්,නෙලුම් රේණු,අශෝක මල් ඇග ගෑමෙන් සම සුගන්ධ වත් වේ.
ශරීර්ය බාහිරින් පිරිසිදුව තබා ගන්නා ක් මෙන් මල මුත්‍ර  විරෙච්නය, මගින් ශරීර අභ්‍යන්තර පිරිසිදු කම ද රැක ගත යුතුය.

මල ,මුත්‍ර  වේග  පැමිණි විට ඒවා රදවා තබා ගැනීම  අයහපත්ය. එය සමේ රෝග හට ගැනීමට හේතු වේ.
යහපත් අහාර ,විහරණ පුරුදු  පවත්වා ගෙන  යන්නන් ගේ සම නීරෝගිය,කැළැල්  වලින් තොරය . ඉන්නන් ,කුරුලෑ,දද,අළුහම්  ආදී  හමේ රෝග  හට  නොගනී.

සැබෑ පැහැපත් බව යනු එයයි ......................................................................................................................................!!




Thursday, June 16, 2016

ආයුර්වේදය හා රූපලාවන්‍ය කලාව 1 කොටස



වර්තමාන ලෝකයේ අන් කවරදාටත් වඩා ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ශරීරයේ මනා පැවැත්ම පිළිබඳව පුදුමාකාර ලෙස උනන්දු වෙති.එනම් රූපලාවන්‍ය කලාව වත්මන් ලෝකය තුළ විශේෂ භූමිකාවක් නිරූපනය කෙරේ.අතීතයේ සිට අපේ ඇත්තෝ සම සුරැකීම සඳහා නෙල්ලි,සුදු හඳුන්,කහ,වැල් මදට,වදමල්,මීපැණි,කිරි ආදී ස්වභාවික ද්‍රව්‍ය භාවිතා කළහ.තවද පංච කල්‍යාණය යන පරාමිතිය උපයෝගී කොට කාන්තා රූ සපුව ඇගයූහ.





රූපලාවන්‍ය හා ස්වස්ථය(නිරෝගීකම) එකිනෙක අත්වැල් බැඳගත් සාධක දෙකකි.සමේ හා හිස කේ වල නිරෝගී තාවය සුරැකීමෙන් සියළුම කාන්තාවන් හා පුරුෂයන්ට ප්‍රසන්න වූ රූ සපුවක් ලැබෙනු ඇත.
ආයුර්වේදය ස්වභාදමේ විද්‍යාවයි.ස්වභාදහම,අති දක්ෂ රූපලාවන්‍ය ශිල්පියෙකුගේ භූමිකාවක නිරත වේ.




සම හා වරලස සුවපත් කිරීමට අප වෙත දායද කොට ඇති ස්වභාවික ශාඛ සම්පත් අති මහත්‍ ය.නමුත් අද බොහෝ දෙනා කෘතිම රසායන පසුපස ලුහුබැඳ ගොස් සමේ රෝග හා පිළිකා සදා ගනී.
ස්වභාවික ශාක වල මල්,කොළ ,ගෙඩි,පොතු හා සගන්ධ තෙල් ආදිය නිසිලෙස මිශ්‍ර කිරීමෙන් ස්වභාවික ආලේප සාදා ගත හැක.මෙම ශාක සාර ආලේපන,


1.ස්වභාවික පෝෂ්‍ය ගුණයෙන් සපිරිය.
2.අපද්‍රව්‍ය බැහැරට පමුණවා රුධිර සංසරණය ක්‍රමවත් කරයි.
3.සමේ නැවුම් බව,කාන්තිය,මෘදු බව,පැහැපත් බව ඇතිකරයි.
4.සමේ ප්‍රතිශක්තිය වැඩි කර සමේ රෝග වලින් සුරකී.
5.වයසට යාම පාලනය කිරීම,මනසේ ප්‍රීතිය ඇති කරයි.




(සම පිළිබඳ සත්කාරය මී ලඟ කොටසින් බලාපොරොත්තු වන්න.)